දේශපාලන අර්බුදය: අගමැති මහින්ද සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංගයක් භාර දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament
අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු වත්මන් කැබිනට් මණ්ඩලයට එරෙහිව කතානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාර දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් පවසයි.
බදාදා (නොවැ 14) උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායක කරු ජයූසරිය වෙත එම යෝජනාව භාර දෙනු ලැබූ බව ඔහු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාව අද දින (14) ඡන්ද විමසීමට ලක් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විරෝධය පළ කර ඇති නමුත් කතානායකවරයා පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරය ඊට කැමැත්ත පළ කරන්නේ නම් ඒ සඳහා ඡන්දයක් පැවැත්වීමේ හැකියාව පවතින බවය.
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය බහුතරයකගේ කැමැත්ත මත තීන්දු කෙරෙන බව ද කතානායකවරයා පක්ෂ රැස්වීමේදී දන්වා තිබේ.
සභා ගර්භයේ අගමැති ආසනය මහින්ද රාජපක්ෂ වෙත වෙන් කිරීම සම්බන්ධයෙන් තමන් ඇතුළු සෙසු පක්ෂ විරෝධය පළ නොකළ බව කී මුස්ලිම් කොංග්‍රසයේ නායකයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු සැසියට සහභාගී නොවන බව පක්ෂ නායක රැස්වීමේදී දන්වා සිටි බව වැඩිදුරටත් සඳහන් කළේය.
අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගේ ඡායාරූප පහතින් දැක්වේ.










