ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ පරිගනක සිනමා සිත්තම: 'ගජමෑන්'

2010 අගෝස්තු මාසයේ ආරම්භ කළ 'ගජමෑන්' ත්‍රිමාණ පරිගනක චිත්‍රපටයේ සංස්කරණ කටයුතු තවත් මාසයකින් පමණ අවසන් වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ චානක පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා නිර්මාණය කළ 'ගජමෑන්' දශක ගණනාවක් පුරා ලාංකික ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය දේශපාලන කාටූන් චරිතයකි.
ලංකාවේ මෙවැනි සිනමා නිර්මාණයක් සිදුකළ ප්‍රථම අවස්තාව බැවින් මෙහි පර්යේෂණ කාර්යය සඳහා දීර්ඝ කාලයක් ගතකර ඇත.
විශේෂ චලන පටිගත කෙරෙන කැමරා (Motion Capture Camera) මෙම චිත්‍රපටය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.
මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන්ට ආගන්තුක බැවින් ඔවුන් පුහුණු කිරීමටද සිදුවූ බව චානක පෙරේරා පැවසීය.
දැනට රුපියල් මිලියන 75ක් පමණ වැයවී ඇති චිත්‍රපටය කවර භාෂාවකින් වුවද හඬකැවීමේ හැකියාවක් ඇති බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

මෙම තාක්ෂණය භාවිත කරමින් රංගන කටයුතු කර නොමැති බැවින් ඊට රංගනයෙන් දායකවීමත්, ස්වභාවික නොවූ පසුතලයක් තුළ රඟපෑමට සිදුවීමත් විශේෂ අත්දැකීමක් වූ බව ගජමෑන්ගේ චරිතය නිරූපණය කරන දසුන් පතිරණ බීබීසී සිංහල සේවය සමග පැවසීය.
චිත්‍රපටයේ හඬ නළුවන් ලෙස සුනිල් පෙරේරා, සුනෙත් චිත්‍රානන්ද, පබෝදා සන්දීපනී ආදී ප්‍රවීන ශිල්පීන් රැසක් දායකත්වය ලබාදී ඇත.
වෙනත් පුවත්:
- 'හා හා හරි හාවා' කාටූන් ශිල්පියා මෙලොවින් සමු ගනී
- (වීඩියෝ) සිනමා ක්ෂේත්රයේ නිර්මාණ බංකොලොත්භාවයක් - යශෝධා
- දැයෙන් සමුගත් ලාංකීය සිනමාවේ පහන් ටැඹ
- වීර කතාවලින් ඔබ්බට ගිය යාපනයේ සිනමාව
- 'සංහිඳියාව අමතක කළ' ලාංකීය කලා නිර්මාණ
- 'තරු' පෑයූ 90 වෙනි ඔස්කාර් සම්මාන උළෙල
- විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය









