ඔස්කාර් උළෙලේ 'ඇස ගැටුණු තරු'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුළු ලෝකයේම සිනමා රසිකයන්ගේ හා සිනමා ශිල්පීන්ගේ දැඩි අවධානයට ලක් වන කලා මංගල්‍යයක් වන ඔස්කාර් සම්මාන උළෙල අනූ වෙනි වරටත් අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (මාර්තු 4) ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) සිනමාපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම සිනමාපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් වුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි (Three Billboards Outside Ebbing, Missouri) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆ්‍රාන්ස් මැක්ඩෝරන්ඩ් හොදම නිළිය ලෙස සම්මාන ලැබුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩාර්කස්ට් අවර් (Darkest Hour) චිත්‍රපටයේ දැක්වූ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගැරී ඕල්ඩ්මන් ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය ලෙස අයි, ටෝන්යා (I, Tonya) චිත්‍රපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් ඇලිසන් ජැනී සම්මාන ලැබූ අතර, ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි (Three Billboards Outside Ebbing, Missouri) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සෑම් රොක්වෙල් හොඳම සහය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෙක්සිකෝ ජාතික ගිලමෝර් ඩෙල් ටෝරෝ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
හොදම ජාත්‍යන්තර සිනමාපටයට හිමි සම්මානය චිලී රටෙහි නිර්මාණයක් වූ අ ෆැන්ටෑස්ටික් වුමන් (A Fantastic Woman) දිනාගත් අතර, ලෙබනන් චිත්‍රපටයක් වූ ද ඉන්සල්ට් (The Insult), රුසියානු චිත්‍රපටයක් වූ ලව්ලස් (Loveless), හංගේරියානු චිත්‍රපටයක් වූ ඔන් බොඩි ඇන්ඩ් සෝල් (On Body and Soul) සහ ස්වීඩනයේ ද ස්ක්වයර් (The Square) යන චිත්‍රපට එම සම්මානයට නිර්දේශ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ෆැන්ටම් ත්‍රෙඩ් (Phantom Thread) චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ මාක් බ්‍රිජර්ස්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඩාර්කස්ට් අවර් (Darkest Hour) චිත්‍රපටය වෙනුවෙන් හොඳම අංගරචනය හා කේශාලංකරණ ශිල්පීන් ලෙස සම්මාන ලැබුවේ කසුහිරෝ සූජී, ඩේවිඩ් මැලිනොස්කි සහ ලූසි සිබික් යන ශිල්පීන්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ලෙස කොකෝ (Coco) චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර හොඳම කැමරාකරණය වෙනුවෙන් ද ප්‍රථමවරට කාන්තාවක නාම යෝජනා අතරට එක්ව සිටියේය.
ඇය මඩ්බවුන්ඩ් (Mudbound) චිත්‍රපටයේ කැමරා ශිල්පිනී රේචල් මොරිසන්ය.
කෙසේ වෙතත් බ්ලේඩ් රනර් 2049 (Blade Runner 2049) චිත්‍රපටය වෙනුවෙන් රොජර් ඩීකින්ස් එම සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ පස්වෙනි වතාවට හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට කාන්තාවක් ඇතුළත්ව තිබුණි. ඒ, ලේඩි බර්ඩ් (Lady Bird) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ග්‍රේටා ගර්විග්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රථම වරට ඔස්කාර් සම්මාන උළෙලක් පැවැත්වුයේ 1929 වර්ෂයේ මාර්තු 16 වෙනිදාය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශ නාම අතර සිටින දෙදෙනෙක් ඊට පෙර වසරේ උපන් පුද්ගලයන්ය.
ප්‍රංශ සිනමා ශිල්පිනියක වන අසූ නව හැවිරිදි ඇග්නස් වර්දා විසින් නිර්මාණය කරන ලද ෆේසස් ප්ලේසස් (Faces Places) හොඳම වෘත්තාන්ත වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට විණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඕල් ද මනි ඉන් ද වර්ල්ඩ් (All the Money in the World) චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වූ අසූ අට හැවිරිදි ක්‍රිස්ටෝෆර් ප්ලමර් හොඳම සහය නළුවා වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අනෙක් වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත්තේ ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටය යි. එමෙන්ම සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත් වීමට ද ගිල්මෝර් ඩෙල් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය සමත් වුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ තොරතුරුද කියවන්න:








