තාලිබාන් ප්‍රහාරයෙන් පසු මලාලා පළමු වරට පාකිස්තානයට

Ms Yousafzai, now studying at Oxford University, was targeted on her way to school at 15

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ළමා වියේදී තාලිබාන් සංවිධානයේ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව රටින් පිටව ගිය නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි එම ප්‍රහාරයෙන් පසු පළමු වතාවට පාකිස්තානයට පැමිණ සිටින්නීය.

දැනට විසි වෙනි වියේ පසුවන මානව හිමිකම් හිමිකම් ක්‍රියාකාරිනියක වන ඇය, 2012 දී තුවක්කුරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය උදෙසා හඬ නැගීමේ හේතුවෙනි.

"බියෙන් තොරව" යළි සියරට පැමිණීම තමාගේ සිහිනයක් වූ බව අගමැති කාර්යාලයේදී දේශනයක් පවත්වමින් ඇය කියා සිටියාය.

ඇයගේ ආරක්ෂාව උදෙසා ඇයගේ හදිසි සංචාරය පිළිබඳ වැඩි විස්තර අනාවරණය කර නැත.

A car (L) said to be carrying Ms Yousafzai was photographed at a hotel in Islamabad on Thursday

ඡායාරූප මූලාශ්‍රය, EPA

දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ඇය සිය දෙමාපියන් ද සමග ඉස්ලාමාබාද් නුවර බෙනාසීර් බුට්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ලඟාවන ආකාරය පාකිස්තාන රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කෙරුණි.

මලාලා යූසෆ්සායිගේ පාකිස්තාන සංචාරය දින හතරකට සීමාවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, මලාලා පදනමේ නිලධාරීන් ද ඇය සමග එම සංචාරයට එක් වී සිටිති.

මලාලා වයඹ දිග පාකිස්තානයේ ස්වාත් නිම්නයෙහි පිහිටි සිය ගම්මානයේ සංචාරය කරනු ඇතැයි ද යන්න පැහැදිලි නැත. ස්වාත් නිම්නය, කලක් කැරලිකරුවන්ගේ බලකඳවුරක්ව තිබිණ.

ඉස්ලාමීය සන්නද්ධ කැරලිකරුවන් සහ පාකිස්තාන රාජ්‍යය අතර දරුණු ගැටුම් පැවති සමයේ තුවක්කුකරුවෙකු විසින් මලාලාගේ හිසට වෙඩි තැබීම ජත්ය්නතය හෙළා දැකීමට ලක්විය.

ඇය යළි සිය රට පැමිණීම මගින් එවක් පටන් පාකිස්තානයේ සිදුව තිබෙන වෙනස සනිටුහන් කෙරෙන බව ඉස්ලාමාබාද් නුවර සිටින බීබීසී වාර්තාකරු සෙකුන්දර් කෙර්මානි පවසයි.

After initial surgery in Pakistan for her injuries in 2012, she was transferred to the UK for her recovery

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY HOSPITALS BIRMINGHAM

විශේෂයෙන්ම ගතව ගිය වසර කිහිපය තුළ කැරලිකරුවන්ගේ ප්‍රහාර අඩු වී තිබෙන බවත් රට තුළ ආරක්ෂක වාතාවරණය බොහෝ දුරට යහපත් වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තත්වය තුළ මලාලාගේ සම්ප්‍රාප්තිය බොහෝ දෙනා සාදරයෙන් පිළිගන්නා නමුත්, ඇතැමුන් ඇය "බටහිර ඒජන්තයෙක්" ලෙසින් විවේචනයට ලක් කරන බව පෙන්වා දෙන සෙකුන්දර් කෙර්මානි, ඇයට වෙඩි තබනු ලැබුවේ සීඅයිඒ සංවිධානය විසින් යයි තවත් සමහරුන් තර්ක කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

තවත් කියවන්න:

වීඩියෝ ශීර්ෂ වැකිය, මලාලා : එක්සත් ජාතීන්ගේ ලාබාලතම සාම දූතවරිය