
Malala Yousafzai
ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත.
වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.
පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
මීට තුන් වසරකට පෙර තාලිබාන් වරුන් ඇය ජීවත් වූ ස්වාත් නිම්නය පාලනය කළ සමයේ තමන් විසූ ප්‍රදේශයේ සිදුවීම් පිළිබඳව දින පොතක් තබා ගනිමින් බී බී සී උර්දු සේවයට ඇය නිතිපතා තොරතුරු වාර්තා කළාය.
මේ වකවානුව තුල තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට තිබිණි.












