කොන්දේසි
එක්සත් රාජධානිය තුළ දී මෙන් ම ජාත්‍යන්තර වශයෙන් 'bbcsinhala.com' වෙත පිවිසීමේ සහ එය භාවිත කිරීමේ අවසරය බීබීසීය මගින් සපයා ඇත්තේ (ජාත්‍යන්තර වශයෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමේදී බීබීසී වෙළඳ ශාඛාව වන BBC Worldwide Limited (“BBCW”) විසින් සපයනු ලබන වෙළඳ දැන්වීම් ඔබට දර්ශනය විය හැකියි.) පහත දැක්වෙන කොන්දේසි යටතේයි:
bbcsinhala.com පාවිච්චි කිරීම මගින් ඔබ මෙම කොන්දේසිවලට බැඳී සිටින අතර ඔබ bbcsinhala.com වෙබ් අඩවියට පිවිසෙන පළමු මොහොතේ සිට ම එය බල පැවැත්වෙනු ඇත. පහත දැක්වෙන සියලු ම කොන්දේසිවලට බැඳී සිටීමට ඔබ එකඟ නොවන්නේ නම් කරුණාකර bbcsinhala.com වෙබ් අඩවියට පිවිසීමෙන්, එය භාවිත කිරීමෙන් සහ/හෝ එයට දායක වීමෙන් වළකින්න.
බීබීසීය මෙම කොන්දේසි කලින් කලට වෙනස් කළ හැකි බැවින් ඔබ මෙම කොන්දේසි නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඔබ bbcsinhala.com දිගටම භාවිත කිරීම මගින් සංශෝධිත හෝ යාවත්කාලීන කළ කොන්දේසි පිළිගත් බවට සලකනු ලැබේ. සංශෝධනය කරන ලද කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් ඔබ මෙම වෙබ් අඩවිය භාවිත කිරීම නවතා දැමිය යුතුයි. මෙම කොන්දේසි සහ bbcsinhala.com හි වෙනත් ස්ථානයක පවතින නිශ්චිත කොන්දේසි අතර පරස්පරයක් හෝ ගැටීමක් ඇත්නම් (බීබීසී පොදු කොන්දේසි ද ඇතුළත්ව) එවැනි අවස්ථාවක නවතම සංශෝධනය වලංගු වේ.
ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි විස්තර සඳහා මෙතැන ඔබන්න <link type="page"><caption> BBC Terms of Use and Conditions</caption><url href="http://www.bbc.co.uk/terms/" platform="highweb"/></link>




