හිංසනයට එරෙහිව මඩකලපු කාන්තාවෝ වීදි බසිති

මඩකලපුව දිස්ත්‍රික්කය තුළ සිදු වන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හා ළමා දූෂණ වලට විරෝධය පළ කර දෙමළ සහ මුස්ලිම් කාන්තාවෝ උද්ඝෝෂණයක නිරත වූහ.
පසුගියදා කාත්තන්කුඩි මන්චන්තෝදුවායි ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කළ බවට සැක පිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ කාන්තාවෝ එම සිදුවීමට විරෝධය පළ කර උද්ඝෝෂණය කළහ.

ඊට කාන්තා සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ බව ශාන්ති සෙල්වදොරේ සංදේශයට කියා සිටියාය.
මඩකලපුව ඔරලෝසු කණුව හන්දියේ සිට අධිකරණ සංකීර්ණය දක්වා ගමන් කළ විරෝධතාකරුවෝ ළමුන් හා කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රචණ්ඩත්වය නිමා කිරීමටත් ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියහ.
ඉහත කී දැරිය දූෂණය කර මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥයකු ඉදිරිපත් නොවිය යුතු බවයි විරෝධතාවයට එක් වූ කාන්තාවෝ කියා සිටියේ.




