
මලාලා යූසුෆ්ෂායි වෙනුවෙන් සහයෝගය පළ කරමින්
ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි දාහතර හැවිරිදි පාසල් දැරියකට පසුගිය අඟහරුවාදා වෙඩි තබනු ලැබීම,පාකිස්තාන් යුද හමුදාපති ජනරාල් අෂ්ෆාක් කයානිගේ හෙළා දැකීමට ලක් විය.
ජනරාල් කයානි කියා සිටියේ, පාකිස්තාන් යුද හමුදාව ත්‍රස්තවාදීන් ඉදිරියේ හිස නමන්නේ නැති බවයි.
වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මලාලා යූසුෆ්ෂායි නම් පාසල් දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර , ජනරාල් කයානි එම රෝහලට ගොස් දැරියගේ සුව දුක් විමසා තිබුනි.
රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දැරියගේ හිසෙන් පතරොමක උණ්ඩයක් ඉවත් කිරීමට සමත් වූ බවයි වාර්තා වන්නේ.
පාසල් දැරියට වෙඩි තැබීමේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගෙන ඇත.
පාකිස්තානයේ ස්වාත් පළාත තාලිබාන් ව්‍යාපාරය අත පවතිද්දී මලාලා යූසුෆ්ෂායි පාසල් දැරිය මෙයින් අවුරුදු තුනකට පෙර බී බී සී ය වෙනුවෙන් පෞද්ගලික දින සටහන් රචනා කිරීමක් කළාය.
වෙඩි තැබීමට ලක් වූ දැරිය වෙනුවෙන් සහයෝගය පළ කරමින් දහස් ගණනක් ජනතාව පණිවුඩ එවා තිබේ.












