ලසන්ත ඝාතනය: හිටපු පොලිස් අධිකාරීගෙන් මහේස්ත්‍රාත්ට රහසිගත ප්‍රකාශයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ වලට භාජනය වී සිටින ගල්කිස්ස ප්‍රදේශය බාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී අද (පෙබරවාරි 21 ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ විනිසකරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් කළේය.
පසුගිය සිකුරාදා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී, එම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට සූදානම් බව සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියම කර තිබුණි.
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර අනතුරුව මහේස්ත්‍රාත් නිල මැදිරියේදී ඔහුගේ ප්‍රකාශය සටන් කර ගැනීම සිදු කෙරිණ.
එම ප්‍රකාශය කරන්නේ ස්වේච්ඡාවෙන්දැයි මහේස්ත්‍රාත්වරයා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසා ඇති අතර, තමා එය ස්වේච්ඡාවෙන් ම සිදු කරන බව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ප්‍රකාශ කර ඇත.
ඉන් අනතුරුව පුරා පැය තුනක් පමණ කාලයක් එම ප්‍රකාශය සටහන් කර ගැනීම සිදු විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණ පරීක්ෂණ ලිපි ගොනු වලට අදාළ පිටු ගලවා ඉවත් කරනු ලැබීම හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරීගේ මෙහෙයවීම යටතේ සිදු වූ බවට පරීක්ෂණවල දී කරුණු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබුණි.
ඉන් අනතුරුව ඔහුගේ විදේශ ගමන් බල පත්‍රය අත්හිටුවීමට ද රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගත්තේය..
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණයට රහසිගත ප්‍රකාශයක් කරන ලද්දේ එවැනි පසුබිමක් තුළය.
සබැඳි පුවත්;








