ලසන්ත ඝාතනය ගැන ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස සිකුරාදා තමන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබූ බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සනාථ කළේය.
එවකට හිටපු යුද හමුදාපතිවරයා වශයෙන් යුද හමුදාව කොළඹදී කළ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී තමන්ගෙන් දීර්ඝ වේලාවක් කරුණු විමසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඒ බව කියා සිටියේ, වත්තල පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම දීර්ඝ වෙලාවක් ඉඳගෙන, පැය පහක් පමණ මම ගත කළා එතන," ඔහු පැවසීය.
හමුදා බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කළ කටයුතු සම්බන්ධයෙන් හැරෙන්නට ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය.




