ලසන්ත ඝාතකයන් හඳුනා ගැනීමේ උත්සාහයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එම කටු රූ සිතුවම් නිර්මාණය කෙරුණේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණ ප්‍රශ්න කිරීම් වලදී අපරාධය දුටු ඇතැම් සාක්ෂිකරුවන් දුන් විස්තර අනුව බවයි පොලිසිය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, B
‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කතුවරයාව සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 වසරේ ජනවාරි අට වෙනිදා දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදීයි වෙඩි තබා ඝාතනය කරනු ලැබුණේ.
සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටින අතරයි යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනකු විසින් ඔහු මරා දමන ලද්දේ.
ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දළ කටු රූ සටහන් දෙකෙන් පිළිබිඹු කෙරෙන සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදු කෙරෙන අවස්ථාවේ අවුරුදු තිස්පහ සහ හතළිහ අතර වයස් මට්ටමේ සිටියවුන් බවත් පොලිසිය පවසයි.





