ක්‍රිකට්: ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරදියි, නිදහස් කුසලානයෙන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka cricket/ twitter
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති ඉතා උණුසුම් විස්සයි විස්ස තරගයෙන් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.
ඒ අනුව බංග්ලාදේශය සහ ඉන්දියාව ලබන ඉරිදා පැවැත්වෙන නිදහස් කුසලාන අවසාන මහ තරගයට සුදුසුකම් ලැබූහ.
තරගය අතරවාරයේ දෙපාර්ශවයේ ක්‍රීඩකයන් අතර කිහිප වතාවක්ම ඉතා උණුසුම් වාද විවාද හටගත් අතර, තත්වය කෙතරම් උණුසුම් වූයේ ද යත් අවසාන පන්දු වාරයේදී පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වරක් උත්සාහ කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
තරගය නැරඹු ක්‍රීඩාලෝලීන් කෑගසමින් සහ හූ තබමින් ක්‍රීඩකයන්ට බාධා කරන ආකාරය ද දක්නට ලැබුණි.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හතක දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය.
එහිදී පන්දු 40 කදී ලකුණු 61ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා ඒ සමගම වේගයෙන්ම විස්සයි විස්සයි ලකුණු දහසක් රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත්විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2

End of X post, 3
ඔහු සිය විස්සයි විස්ස ලකුණු දහස රැස් කළේ සිය 34 වෙනි ඉනිමේදීය.
ඉන් අනතුරුව පැමිණි බංග්ලාදේශ කණ්ඩායම තරගය පරාජයට පත්වනු ඇති හැඩක් මුලින් දක්නට ලැබුණත්, අවසාන ඕවරයේ පන්දු හතරකට ලකුණු 12ක් රැස් කරමින් තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.
බංග්ලාදේශ කණ්ඩායම, ජාත්‍යන්තර තරගයක අවසාන ඕවරයේදී ලකුණු 10කට වැඩියෙන් රැස් කළ පළමු වතාව එය බව ක්‍රීඩා විශේල්ෂකයෝ පවසති.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 51 කට මුහුණ දී ලකුණු 58ක් රැස් කළ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තමීම ඉක්බාල් ලකුණු 50ක් රැස් කළේය.