ක්‍රිකට්: පන්දු 72 කින් ලකුණු 300 ක්

Ahlawat hit 50 runs off the final 12 balls

ඉන්දියාවේ දිල්ලි අගනුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කිරීමට 21 හැවිරිදි ක්‍රීඩක මොහිත් අහලවත් (Mohit Ahlawat) සමත්විය.

විස්සයි විස්ස තරගයේදී හයේ පහර 39 ක් එල්ල කළ මොහිත්, අවසාන ඕවරයේදී පමණක් හයේ පහර පහක් එල්ලකිරීමට සමත්විය.

නියමිත ඕවර විස්ස අවසානයේදී ඔහු නියෝජනය කළ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 416 ක් රැස්කරගෙන තිබුණි.

ප්‍රධාන පෙලේ විස්සයි විස්ස තරගයකදී මෙතෙක් ක්‍රීඩකයකු විසින් රැස්කරගෙන තිබෙන ඉහලම ලකුණු සංඛ්‍යාව ලකුණු 175 කි. 2013 දී IPL ඉන්දීය ප්‍රීමියර් ලීගයේදී එම වාර්තාව තබනු ලැබුවේ ක්‍රිස් ගේල් විසිනි.

Images of the match's scorecard have appeared on Twitter

ඡායාරූප මූලාශ්‍රය, Twitter

"මම අයිපීඑල් වෙන්දේසියට මගේ නමත් දැම්ම හැබැයි මේ වාර්තාවෙන් පස්සෙවත් මා ගැන සලකා බලාවිද කියල මම දන්නේ නෑ," සිය පිතිහරඹයෙන් පසුව මොහිත් අහලවත් ABP Live නාලිකාවට පැවසීය.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ගෞතම් ගම්බීර් සහ ඉශාන්ත් ශර්මා සමග මොහිත් 2015 දී පළමු පෙළ ක්‍රිකට් තරග පහකට සහභාගි වූ නමුත් එම තරගවල ඉනිම පහකදී ලකුණු 1,4, 0, 0 සහ 0 වශයෙන් රැස්කරමින් අසාර්ථකවීමෙන් පසුව ඔහු පළමුපෙළ තරගවලින් ඉවත්කෙරිණ.

එංගලන්තයේ සැඩ්ල්වර්ත් ලීගයට ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාවේ ධනුක පතිරණ 2007 සැප්තැම්බර් මාසයේදී පන්දු 72 කට ලකුණු 277 ක් රැස්කළ අතර, පාසල් ක්‍රීඩා තරගයකදී ලකුණු 1009 ක් රැස්කරමින් ඉන්දීය පාසල් ශිෂ්‍ය ප්‍රනාව් ධනවඩේ 2016 දී ලෝක වාර්තාවක් පිහිටුවිය.