ඉනිමකදී ලකුණු දහසක් - සිසුවකුගෙන් ලෝක වාර්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, BCCI

එක ඉනිමක් තුළ ලකුණු දහසක් රැස් කර ගත් පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දියාවේ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ලෝක වාර්තාවක් පිහිටුවයි.

මුම්බායිහි වයස අවුරුදු 16 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියකදී ප්‍රනාව් ධනවඩේ (Pranav Dhanawade) නමැති එම සිසුවා නොදැවී ලකුණු එක්දහස් නවයක් (1009) රැස් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Pranav Dhanawade

ඔහු ක්‍රීඩා කළ ඉනිම පැය හය හමාරක් ඉක්ම ගිය අතර මේ කාලය ඇතුළත 1899 වසරේ දී පාසල් ක්‍රිකට් තරඟයකදී තබා තිබූ ලකුණු හයසිය විසි අටක (628) වාර්තාව බිඳ හෙලන ලදී.

ඔහු තරඟ කළ කල්යාන් (Kalyan) හි කේසී ඝාන්ධි මහා විද්‍යාලය කඩුළු තුනක් දැවී ලකුණු එක්දහස් හාරසිය හැට තුනක් ලබා ගත් අතර එයද ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Pranav Dhanawade