කේන් විලියම්සන් : නවසීලන්ත නායකත්වයෙන් නික්ම යන නිහතමානී නායකයා

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයට සමුදීමට කේන් විලියම්සන් තීරණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයට සමුදීමට කේන් විලියම්සන් තීරණය කර ඇත.

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සහභාගී වීමට අවස්ථාව නොලබා පළමු වටයෙන්ම ඉවත්වූ තවත් එක් ප්‍රබල කණ්ඩායමක් වුයේ කේන් විලියම්සන් නායකත්වය ලබා දෙන නවසීලන්ත කණ්ඩායමයි.

ඒ සමගම නවසීලන්ත ක්‍රිකට් ආයතනය පිරිනමනු ලැබූ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවද කේන් විලියම්සන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයට සමුදීමට කේන් විලියම්සන් තීරණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විලියම්සන්ගේ 29 වැනි උපන්දිනයට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඔහුට කේක් පිරිනැමූ අයුරු

කවුද මේ කේන් විලියම්සන් කියන්නේ ?

1990 වසරේ අගෝස්තු මස 08 වැනිදා උපත ලැබූ කේන් විලියම්සන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගනු ලබන්නේ 2010 වසරේදීය.

ඔහු සිය ටෙස්ට් සහ එක්දින තරග වරම් හිමිකර ගනු ලබන්නේ 2010 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරග සංචාරයේ දීය.

ටෙස්ට් තරග 100 කට ක්‍රීඩා කර ඇති කේන් විලියම්සන් එහිදී ලකුණු 8,743ක් රැස් කරගෙන තිබෙන අතර ඊට ශතක 32ක් සහ අර්ධ ශතක 34ක් ඇතුලත් වේ.

නවසීලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු විසින් ටෙස්ට් තරග වලදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියනු ලබන්නේ ද කේන් විලියම්සන්ය.

ඔහු මේ දක්වා එක්දින තරග 165 කට ක්‍රීඩා කරමින් ලකුණු 6,810ක් රැස් කර ඇති අතර ඊට ශතක 13ක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත් ය.

ජාත්‍යන්තර විස්සයි 20 තරග 93 කදී ලකුණු 2,575ක් රැස් කරගෙන සිටින කේන් විලියම්සන් එහිදී අර්ධ ශතක 18ක් ලබා ගැනීමට සමත්ව තිබේ.

විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරමින් අත්දැකීම් රැසක් ලබා සිටින ක්‍රීඩකයෙකු ලෙස කේන් විලියම්සන් මේ දක්වා තරග 254කට ක්‍රීඩා කරමින් ලකුණු 6,442ක් රැස් කර ගෙන ඇති අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 45ක් ඇතුළත් වේ.

පන්දු යවන්නෙකු ලෙස ද සිය සේවය කණ්ඩායමට ලබා දෙමින් ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරගවලදී නවසීලන්තය වෙනුවෙන් කඩුලු 43ක් දවා ගැනීමට සමත්ව තිබේ.

නවසීලන්තයට සැනසීමක් දුන් විලියම්සන්ගේ නායකත්වය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බ්‍රෙන්ඩන් මැක්ලම් ගෙන් පසුව නායකත්වය භාර ගත් කේන් විලියම්සන් මේ දක්වා ටෙස්ට් තරග 40ක්, එක්දින තරග 91ක් සහ විස්සයි20 තරග 75කදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවා තිබේ.

ඔහුගේ නායකත්වය යටතේ නවසීලන්තය එක්දින තරග 46ක්, විස්සයි 20 තරග 39ක් සහ ටෙස්ට් තරග 22ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

නවසීලන්ත කණ්ඩායමට මෙතෙක් හිමිවූ විශිෂ්ඨතම නායකයෙකු ලෙස කේන් විලියම්සන් ගෞරවයට පාත්‍ර වන්නේ ICCය විසින් සංවිධානය කළ පළමු ටෙස්ට් චැම්පියන් ශුරතාවය 2021 වසරේදී ජයග්‍රහණය කිරීමට සමත් වීමත් සමගය.

ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහ ටෙස්ට් තරගය දින 3කින් අවසන් කරමින් නවසීලන්ත කණ්ඩායම ඉන් ජයග්‍රහණය කිරීමට සමත්විය.

2019 -2021 කාල සීමාව නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණතම යුගය බවට පත් කිරීමට කේන් විලියම්සන් ගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාව හැකිවිය.

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී සුපිරි පන්දු ඕවරයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූයේ නවසීලන්ත කණ්ඩායම අනුශුරයින් බවට පත් වෙමින්ය.

එමෙන්ම 2021 වසරේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූ නවසීලන්ත කණ්ඩායම අනුශුරයින් බවට පත්විය.

2016, 2021 සහ 2022 යන වසරවල් වලදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි සියල්ලේදී නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටය දක්වා ගෙන ඒමට කේන් විලියම්සන් නායකයෙකු ලෙස සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2016, 2021 සහ 2022 යන වසරවල් වලදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි සියල්ලේදී නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටය දක්වා ගෙන ඒමට කේන් විලියම්සන් නායකයෙකු ලෙස සමත් විය

2016, 2021 සහ 2022 යන වසරවල් වලදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි සියල්ලේදී නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටය දක්වා ගෙන ඒමට කේන් විලියම්සන් නායකයෙකු ලෙස සමත් විය.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී නවසිලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටය දක්වා රැගෙන ඒමට ද කේන් විලියම්සන් නායකයෙකු ලෙස සමත් විය.

මේ වන විට පැවැත්වෙමින් තිබෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවීම කේන් විලියම්සන් ගේ නායකත්වය යටතේ සිදුවූ ප්‍රබලම පසුබෑම ලෙස සඳහන් කළ හැකිය.

ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට 2022 වසරේදී සමුදුන්න ද කේන් විලියම්සන් එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හි නායකත්වය දරනු ලැබීය.

2024 T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හි නායකත්වයෙන් සමුගන්නා බව ඔහු ප්‍රකාශ කළේ නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් පිරිනමනු ලැබූ 2024-2025 වසරට අදාළ ක්‍රීඩා කොන්ත්‍රාත්තුවද ප්‍රතික්ෂේප කරමින්ය.

නවසීලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කිරීමට තමන් 'උද්‍යෝගිමත්ව ' බලා සිටින බවත්, එළඹෙන කාල සීමාවේදී විදේශීය ක්‍රීඩා ලීග් තරග වෙනුවෙන් එක්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් කේන් විලියම්සන් පැවසීය.

‘සියලුම අංශ හරහා කණ්ඩායම ඉදිරියට ගෙන යාමට උදව් කිරීම මම ඉතා ආශාවෙන් සිටින දෙයක්. මට දිගටම ඒ සඳහා දායක වීමට අවශ්‍යයි.’

‘කෙසේ වුවත්, එළඹෙන කාලයේදී විදේශීය ලීග් තරග සඳහා ක්‍රීඩා කිරීමට අදහස් කරන නිසා මට මධ්‍යම කොන්ත්‍රාත්තුව පිළිගත නොහැකියි.’

‘නවසීලන්තයට ක්‍රීඩා කිරීම මට වටිනා දෙයක්. කණ්ඩායමට අවශ්‍ය උපරිමය ලබා දීමට මම සෑම විටකම සුදානම්.’

‘කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිටත මගේ ජීවිතය දැන් වෙනස් වී තිබෙනවා. මගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීම සහ ඔවුන් සමඟ දේශීය හෝ විදේශීය අත්දැකීම් විඳීම මට වඩා වැදගත් දෙයක්.’ විලියම්සන් සිය තීරණය ගැන දැනුම් දෙමින් පවසා සිටියේය.

මේ අතර කේන් විලියම්සන් ගේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසිලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් වේනීන්ක් පැවසුවේ ජාත්‍යන්තර පිටියේ දී ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීම ගැන සතුටු වන බවය.

‘මේක කේන්ව ජාත්‍යන්තර ක්‍රීඩාවේ තබා ගැනීමට හොඳ ක්‍රමයක්. එමඟින් ඔහු නවසීලන්ත කණ්ඩායම සඳහා දැන් මෙන්ම ඉදිරි වසර වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.’ ඔහු පැවසීය.