ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය 'ගංජා'

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කංසා දැනට වඩා භාවිත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස විශේෂඥයෝ පිරිසක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට රැස් වී සිටිති.
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ගංජා ශාඛය යොදා ගැනීම ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරයකි.
ආයෝජකයන්, අවසර ලත් කංසා වගාකරුවන් සහ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් බෙදාහරින්නන් මේ සමුළුවට එක් වී සිටිති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක් මෙන්ම ලොව පුරා රටවල් ගණනාවක්ද වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීමෙන් අනතුරුව, ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි පැවසෙන්නේ.
තෙදින ජාත්‍යන්තර සමුලුව සංවිධානය කරන කැනාටෙක් සංවිධානය පවසන පරිදි වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය එයයි.
නීත්‍යානුකූල ගංජා වගාව පුළුල්ව ක්‍රියාත්මක වන ඊශ්‍රායලයේ, කංසා වගාවේ නව ප්‍රවණතා පිළිබඳව පර්යේෂණවලටද ප්‍රමුඛත්වයක් හිමිවේ.




