පසුගිය සතියේදී අප දැන නොසිටි කරුණු දහයක්!
- Quidditch ක්‍රීඩාවේ නීති රීති ගැන බ්‍රිතාන්‍ය ජනතාවගේ දැනුම croquet ක්‍රීඩාව පිළිබඳ ඔවුන් සතු දැනුමට වඩා දහසය ගුණයකින් වැඩියි. වැඩි විස්තර සඳහා http://www.mirror.co.uk/news/uk-news/fans-include-downton-diddy-english-6029938
- අඳුරු, උණුසුම් කුඩා කාමරයක ගෙත්තම් කරමින් සිටින වින්නඹු මාතාවක සමඟ දැරූ ප්‍රසූතිය වඩා පහසුයි. වැඩි විස්තර සඳහා http://www.newscientist.com/article/dn27773-for-an-easier-birth-stop-thinking-about-it.html?full=true#.VaJIssWwzKF
- තුන් වතාවක් F1 මෝටර් රථ ධාවන ලෝක ශූරතාව හිමි කර ගත් නිකි ලාව්ඩා තම මෝටර් රථය දිනපතා නොමිලේ සෝදා ගැනීම සඳහා සිය කුසලාන වාහන සෝදන ස්ථානයට පරිත්‍යාග කර ඇත.
- විනාඩි 12 ක් Tetris වීඩියෝ ක්‍රීඩාවේ යෙදී සිටීමෙන් ඊට පෙර දිනයේ මුහුණ දුන් මානසික තිගැස්ම යළි සිහි ගැන්වීම අඩු කර ගත හැක.
- ලන්ඩනය වැනි විශාල නගරයක ධාවනය වන බස් රථයක සිටින මගියෙකු සිය ගමන් වාර හතරකින් එක් වතාවක ‘දුර නෑයෙකු’ තමන් අසල වාඩි වී සිටින බව නොදනී.
- ෆින්ලන්තයේ ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඉන් සතුටු නොවූ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍රයට වැය කළ මුදල ආපසු ලැබේ.
- මී පැටවුන්ට බළලුන්ගේ මුත්‍රා ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් එම මීයන් පසු කාලීනව බළලුන්ට දක්වන බිය අඩු වෙයි.
- ඔරිගන් ප්‍රාන්තය තුළ ගමන් කරන මගීන්ට පමණක් ගංජා අවුන්සයක් රැගෙන ගුවන් යානයකට ගොඩ වීමට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල අවසර ලබා දෙයි.
- ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසංග වලට පැමිණෙන ඡායාරූප ශිල්පීන් ගන්නා ඡායාරූප එක් වරක් පමණක් පළ කර ඒවා කැමරාවෙන් මකා දමන බවට ගිවිසුම් අත්සන් කළ යුතුය.
- බොහෝ ‘කම්කරු කුහුඹුවෝ’ වැඩ කිරීමේදී අතිශය කම්මැලි කමක් දක්වති.
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර