සිම්බාබ්වේ නියං සායක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිම්බාබ්වේ රාජ්‍යය දරුණු නියඟයකට මුහුණ දෙමින් සිටින අතර මෙම තත්වය ජාතික ව්‍යසනයක් ලෙස එරට ජනාධිපති රොබට් මුගාබේ ප්‍රකාශයට පත් කළේය.
විසි හතර ලක්ෂයක් පමණ වූ පිරිසක් මෙම නියඟයට ගොදුරු වී සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.
සිම්බාබ්වේ මුළු ජනගහනයෙන් සියයට විසි පහක් පමණ වන මෙම පිරිස දැඩි ආහාර හිඟයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සිම්බාබ්වේ රාජ්‍යයට ලැබෙන වර්ෂාපතනය පසුගිය වසරේ සිට අසාමාන්‍ය ලෙස පහත වැටී තිබේ.
ගවයන් දහස් ගණනක් තන බිම් ආශ්‍රිත ප්‍රදේශවල මරණයට පත් වී ඇති අතර තැන තැන මළකුණු වියලෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය,
එල් නිනෝ කාලගුණය නිසා අප්‍රිකානු මහාද්වීපයේ දකුණු ප්‍රදේශයේ එක් කෝටි හතළිස් ලක්ෂයක් ජනතාව කුසගින්නේ සිටින බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ.
නැමීබියාව, දකුණු අප්‍රිකාව සහ බොස්ට්වානා රාජ්‍යයද මෙම දරුණු නියඟයට ගොදුරු වී ඇත.




