පාප් වහන්සේ අපයෝජනයට ලක්වූවන් හමුවෙති

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ශුද්ධෝත්තම පාප් වහන්සේ, පූජකයන් අතින් ලිංගික අපයෝජනයට ලක් වූ පිරිස් හමු වූහ.
ළමා වියේදී පූජකයන් අතින් අපයෝජනයට ලක් වූ පස් දෙනකු - කාන්තාවන් තිදෙනකු සහ පුරුෂයන් දෙදෙනකු - මුණ ගැසුන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ලිංගික අපයෝජකයන්ට එරෙහිව වතිකානය නිසි පියවර ගැනීමට සූදානම් බව අවධාරණය කළහ.
පෙනිසිල්වේනියාවේ දේවස්තානයකදී පාප් තුමා ඔවුන් මුණ ගැසුන බවයි එහිමියන්ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඔවුන් මුණ ගැසුණු පාප් වහන්සේ පාප් වහන්සේ "දෙවියන් වහන්සේට ඔබේ වේදනාව ඇසෙන බව සහ උන් වහන්සේ ඔබ විශ්වාස කරන බව දැනගන්න," යනුවෙන් ඔවුන් අමතා ප්‍රකාශ කළ බව ෆෙදෙරිකෝ ලොම්බාඩි පියතුමා විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්.
අනතුරුව රදගුරුවරුන් අමතා දේශනයක් පැවැත්වූ එහිමියෝ දරුවන් විශ්වාසය තැබූ පූජකවරුන් ඇතුළු පිරිස් එම විශ්වාසය බිඳ දැමීම පිළිබඳව තමන් වහන්සේ ලජ්ජා වන බව සඳහන් කළහ.
පාප් වහන්සේගේ ඇමරිකානු නිල සංචාරයේ අවසන් දිනය වන අද ෆිලඩෙල්ෆියා නගරයේ පැවැත්වීමට නියමිත දේව මෙහෙයට දස ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පාප්වහන්සේ පිලඩෙල්ෆියා නගරයේ පිහිටි බන්ධනාගාරයකදී ඝාතන සඳහා වරදකරුවන් වූ පුද්ගලයින්, දූෂකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු සිරකරුවන් හමු වීමටත් නියමිතව තිබිණ.




