පාප් වහන්සේගේ ඉල්ලීම ජනපති මෛත්‍රී 'අසා සිටියා'

ඡායාරූප මූලාශ්‍රය, Sudath Silva
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කරන මෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාවධානව අසා සිටි බව ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ පවසයි.
ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනපද සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක ඒ බව කියාසිටියේ පාප්වහන්සේගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කිසියම් ප්‍රතිචාරයක් පළවූයේ දැයි බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
"එතුමා ඒ ප්‍රකාශය ඊයේ අසා සිටියා. එතුමා යම්කිසි දෙයක් හිතට අරගෙන ඇති. නමුත් මම දන්නේ නෑ ජනාධිපතිතුමාගේ තීරණය කොයි වගේද කියලා," ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ජගත් නායකයන්ද හමුවීමට නියමිත ඔහු පැවසීය.
ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපති ඔබාමාද හමුවීමට නියමිත නමුත්, ඒ සඳහා තවමත් නිශ්චිත දිනයක් යොදා ගෙන නැත.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක සමුළුවට සහභාගි වූ අතර, ලබන 30 වැනි දින මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.




