පාප් වහන්සේට අපූරු ගරු කිරීමක්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක යෙදීම ඇතැම් ඇමෙරිකානුවෝ අපූරු ආකාරයකට සමරති.
ෆ්ලොරීඩාවේ සිට නිව්යෝක් හරහා පෙනිසිල්වේනියාව දක්වා ඇමෙරිකානුවෝ සිය බලු සුරතලුන් පාප් වහන්සේගේ සාම්ප්‍රදායික ඇඳුමට සමාන ඇඳුමකින් සැරසූහ.
ඒ සිය ආගමික නායකයාට කරන ගරු කිරීමක් වශයෙන්.
එම ඇඳුමින් සැරසූ සිය බලු සුරතලුන්ගේ ඡායාරූප ඔවුන් ඡායාරූප බෙදා ගන්නා ඉන්ස්ටග්‍රෑම් ජාලයේ පළකොට තිබේ.

"හැමෝම බලු පැටවුන්ට ආදරෙයි. ඒ වගේම හැමෝම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආදරෙයි," බ්රූක්ලින් ප්‍රදේශයේ වෙසෙන ජෝන් ස්කෝර් පැවසීය.
"ඇමෙරිකාවේ අපි, අපි ආදරේ කරන දේවල් එකතු කරන්න කැමතියි. අනික පාප් වහන්සේ වුනත් ඒක හාස්‍යයෙන් භාරගනීවී කියල මම හිතනවා.
මේ ආකාරයෙන් බලු සුරතලුන් සැමරීම "අපේ නගරයේ සිදුවෙන විශාල උත්සවයක් සැමරීමක්," බවයි සිය බලු සුරතලා පාප් වහන්සේ ගේ ඇඳුමෙන් සැරසූ මෙලිසා ජෝයි පවසන්නේ.
එක්සත් ජනපදය පුරා පැතිර යන මේ රැල්ල පිළිබඳව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැනුවත්ද?

"පාප් වහන්සේ ඒ ගැන දන්නවද කියල මම දන්නේ නෑ," ඒ වතිකානයේ ප්‍රකාශයකුගේ ප්‍රතිචාරයයි.
"කොහොම වුනත් මම හිතන්නේ උන් වහන්සේට ඊට වඩා බොහෝ වැදගත් දේ ගැන හිතන්න තියනවා."








