මක්කම දොඹකර අනතුර: පරීක්ෂණ ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

අවම වශයෙන් පුද්ගලයන් 107 දෙනෙකුට මාරු කැඳවමින් ලෝක මුස්ලිම් ජනතාවගේ ශුද්ධවූ නගරය වන මක්කම දී සිදු වූ දොඹකරයක් කඩා වැටීමේ සිද්ධිය පිලිබඳ පරීක්‍ෂණ සෞදි අරාබිය විසින් අරඹනු ලැබ තිබේ.

ඇති විශාල රතු පැහැති දොඹකරය මහ පල්ලියේ කොටසකට කඩා වැටෙද්දී එය බැතිමතුන්ගෙන් පිරී පැවතුණි.

අධික වර්ෂාව සහ දරුණු සුළං දොඹකරය කඩා වැටීමට හේතු වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

වාර්තාකරුවන් පවසන්නේ සෞදි ඉදිකිරීම් අඩවි වල අනතුරු වළක්වා ගැනීමේ සහ ආරක්ෂක විධි විධාන පිළිබඳව මින් පෙර ද අවධානයට ලක් වී තිබුණු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

මස්ජිඩ් අල් හරාම් නමින් හැඳින්වෙන මක්කම මහ පල්ලිය ලෝකයේ ඇති විශාලතම මුස්ලිම් පල්ලිය වන අතර ලෝක මුස්ලිම් ප්‍රජාව ගේ අතිශය ශුද්ධ වූ ස්ථානය වන කාබා ව වට කොට ගොඩනගා තිබේ.

සිකුරාදා සෞදි වේලාවෙන් 17:23 ට සිදු වූ මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 230 දෙනෙකු තුවාල ලබා ඇති අතර කෙතරම් පිරිසක් සිදුවීමෙන් පසු ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ පයට පෑගීමෙන් සහ වෙනත් හේතු මත තුවාල ලබා ඇති දැයි පැහැදිළි නැති බවයි වාර්තා වන්නේ.

විශාල ශබ්දයක් නංවමින් දොඹකරය බිඳී ගිය මොහොතත් කලබලයට බැතිමතුන් දිවි බේරාගැනීමට දිව යන ආකාරයත් පල්ලිය තුළ ලේ වැකුණු මළ සිරුරුත් අන්තර්ජාලයට එක් කර ඇති වීඩියෝ වල දැක්වේ.

සෞදි අරාබි මහජන ආරක්ෂක නියෝජිත ආයතනයේ ප්‍රධානී ලුතිනන් සුලේමාන් බින් අබ්දුල්ලා අල් අමාර් සිදුවී ඇති විනාශය තක්සේරු කිරීමට සහ ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

කඩා වැටුනේ මෙවැනි දොඹකරයකි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩා වැටුනේ මෙවැනි දොඹකරයකි

මහ පල්ලියේ පිටත වටයේ ගොඩනැගිල්ලක් මතට දොඹකරය පතිත වීමෙන් හානි වූ පියස්ස තුලින් ඇති විශාල සිමෙන්ති කැබලි ගොඩනැගිල්ල තුළ සිටි බැතිමතුන් මතට අද වැටුණු බවයි ජෙඩා හි මාධ්‍යවේදියෙකු වන ඊසාම් අල් ගාලිබ් පැවසුවේ.

වාර්ෂික මුස්ලිම් හජ්ජි වන්දනා සමය සඳහා මක්කම සුදානම් වෙමින් පවතින අතර මේ මස අවසානයේ දී ලෝකයේ නන් දෙසින් මිලියන දෙකක ජනතාවක් සෞදි නගරයට පංඉනෙඑමත5අ නියමිත බවයි සඳහන් වන්නේ.

ඉස්ලාම් පර්යේෂණ පදනමේ ඉර්ෆාන් අල් අලාවි බීබීසී යට පැවසුවේ පැවසුවේ නව ඉදිකිරීම් රැසක් සිදුවෙමින් පවතින බැවින් මහපල්ලිය වටකොට තවත් අතිවිශාල දොඹකර 15 ක් රඳවා ඇති බවයි.

මහ පල්ලියේ මුල් කොටස අවුරුදු 1400ක් පැරණි වන අතර විසි වැනි සියවසේ මැද භාගයේ සිට නවීකරණය වෙමින් පවතී.

වර්ග අඩි මිලියන 4.3 ක විශාලත්වයකින් යුතුව පල්ලියේ වපසරිය පුළුල් කරමින් ඇත්තේ මිලියන 2.2 ක බැතිමතුන් පිරිසකට ඉඩ සලසා දීම සඳහායි.