වර්ජිනියා ප්‍රහාරකයා සිටියේ 'අසතුටෙන්'

ඡායාරූප මූලාශ්‍රය,
ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ WDBJ7 රූපවාහිනී මධ්‍යස්ථානයකට කඩා වැදී මාධ්‍යවේදීන් දෙදෙනාට වෙඩි තැබූ වෙස්ටර් ලී ෆ්ලෑන්ගන් තමන් ‘පුපුරා” යෑමට ආසන්නව සිටින බව ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමරිකාවේ ABC මාධ්‍ය ආයතනයට යැවු ෆැක්ස් පණිවිඩයකින් පවසා ඇත.

තමන් සම ලිංගිකයෙක් සහ කළු ජාතිකයෙක් වීම හේතුවෙන් වැඩපළේදී පීඩාවට පත් කෙරුන බවයි ෆ්ලෑනගන් ෆැක්ස් පණිවිඩයෙන් පවසා ඇත්තේ.
නිතර අසතුටින් සිටි ෆ්ලෑන්ගන් සමඟ වැඩ කිරීම දුෂ්කර වූ බව රූපවාහිනී මධ්‍යස්ථානයේ කළමනාකරු වූ ජෙෆ් මාර්කස් කියා සිටියේය. වෙස්ටර් ලී ෆ්ලෑන්ගන්සේවයෙන් නෙරපා දමා තිබින.
වෙස්ටර් ලී ෆ්ලෑන්ගන් ගේ පවුලේ උදවියප්‍රහාරයට ලක්ව මියා ගිය පවුලේ උදවිය වෙත කණගාටුව පළ කොට සිටියහ.
සජීවී රූපවාහිනී වැඩසටහනක් කරමින් සිටි මාධ්‍යවේදිනියකට සහ කැමරාකරුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි ෆ්ලන්ගන් වෙඩි තැබීමකින් දිවි හානි කරගත් බවයි පොලීසිය කියා සිටින්නේ.
විසි හතර හැවිරිදි රූපවාහිනී වාර්තාකාරිනී ඇලිසන් පාර්කර් සහ විසි හත් හැවිරිදි කැමරා ශිල්පි ඇඩම් වෝඩ් මෙම ප්‍රහාරයෙන් මිය ගියහ.




