හිටපු ඊජිප්තු ජනපති මොර්සි ට මරණ දඬුවම

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඊජිප්තු අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සි ට මරණීය දණ්ඩනය නියම කොට ඇත.
වසර හතරකට පෙර සිදුවූ සිර කඳවුරක් කඩාගෙන යාමේ සිදුවීමට සම්බන්ධ බවට ඇති චෝදනාවට හිටපු ජනාධිපතිවරයා ට දඬුවම් ලබා දී තිබේ.
මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ඊජිප්තුවේ ආගමික අධිකාරිය විසින් දැන් තම මතය ඉදිරිපත් කළ යුතුව තිබෙන බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය රහස් බෙදා හැරීම පිළිබඳ චෝදනාවකට ද මොහොමඩ් මොර්සි දඬුවම් ලැබීමට නියමිතව ඇති අතර එම නඩු විභාගය දැනට කල් දමා ඇති බවයි පැවසෙන්නේ.
‘මුස්ලිම් සහෝදරත්වය’ නම් සංවිධානයේ සහය ලැබූ මොර්සි 2013 දී බලයෙන් පහ කරනු ලැබිණි.
එතැන් පටන් බලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුට සහය දැක්වූවන් ට එරෙහිව අධිකරණය යොදා ගනු ලැබීම පිළිබඳව ඇතැම් ක්‍රියාධරයන් ගේ දැඩි විවේචනය එල්ලවෙමින් තිබේ.





