හිටපු ජනාධිපතිගේ සගයන් පන්සීයකට මරණ දඬුවම

මුස්ලිම් සහෝදරත්වය තහනම් වූ අතර සාමාජිකයන් දහස් ගණනක් අත්අඩංගුවට පත්විය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම් සහෝදරත්වය තහනම් වූ අතර සාමාජිකයන් දහස් ගණනක් අත්අඩංගුවට පත්විය

බලයෙන් පහ කරන ලද ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි ගේ අධාරකරුවන් 529 දෙනෙකුට ඊජිප්තු අධිකරණයකින් මරණ දණ්ඩනය පනවා තිබේ.

පොලිස් භටයෙකු ඝාතනය කිරීම, මහජනයාට සහ දේපළ වලට ප්‍රහාරයන් එල්ල කිරීම ඇතුළු චෝදනාවලට මොවුන් වරද කරුවන් බවට පත් විය.

මෙම නඩු විභාගය පැවැත්වුණේ මුස්ලිම් සහෝදරත්වයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ඇතුළු 1,200 කට අධික පිරිසකට එරෙහිවයි.

ඉන් එකසිය පනස් දෙනෙකු පමණ රැඳවුම් භාරයේ පසු වන අතර නඩු විභාගය පැවැත්වුණේ ඉතිරි පිරිසගේ සහභාගිත්වයෙන් තොරවයි.

මෙම නියෝගය අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කෙරේ.

ඊජිප්තුවේ මරණ දණ්ඩනය පැනවීම සාමාන්‍ය දෙයක් වන නමුත් එය ක්‍රියාත්මක වන්නේ ඉතා කලාතුරකිනි.

මොහමඩ් මොර්සි ජනාධිපති පදවියෙන් පහ කිරීමෙන් පසු මුස්ලිම් සහෝදරත්වය තහනමට ලක් වූ අතර එහි සාමාජිකයන් දහස් ගණනක් අත්අඩංගුවට පත් විය.