බලහත්කාරයෙන් රඳවා ගෙන සිටිනවා - මොහමඩ් මොර්සි

තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව බලයෙන් පහ කරන ලද ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි පවසයි.
මිට මාස හතරකට පෙර බලයෙන් පහ කරන ලද ඊජිප්තු ජනාධිපතිවරයා හමුදාව විසින් රඳවා ගෙන සිටියි.
බන්ධනාගාරයේදී මොහමඩ් මොර්සි හමුවූ ඔහුගේ නීතිවේදීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුට විරුද්ධ චෝදනා විභාග කිරීම සඳහා වත්මන් අධිකරණය බලාත්මක නොවන බවයි.
විරුද්ධ පක්ෂ ආධාරකරුවන් මරා දැමීමට තම අනුගාමිකයින් පෙළඹ වූ බවට නැගෙන චෝදනා හිටපු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන අතර තමන්ට එරෙහි නඩු විභාගය සඳහා නීතිඥයින් නම් නොකරන බවත් ඔහු ප්‍රකාශ කරයි.




