බෝකෝ හරාම් පැහැර ගත් සිසුවියන් හමුවෙයි

බෝකෝ හරාම් කැරලි කරුවන් විසින් පැහැර ගත් බොහෝ ගැහැණු ළමුන් සහ කාන්තාවන් බේරා ගත් බව නයිජීරියානු හමුදාව පවසයි.
නයිජීරියාවේ හමුදා ප්‍රකාශක උස්මාන් කුකා ශේකා බීබීසියට ප්‍රකාශ කලේ සැම්බිසා වනාන්තරයේ දී එකසිය හැටකට අධික කාන්තාවන් සහ ගැහැණු දරුවන් බේරා ගත් බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ගලවා ගැනීමේ නිරත හමුදා කණ්ඩායමේ එක සොල්දාදුවෙකු සහ පැහැර ගැනීමට ලක්ව සිටි එක් කාන්තාවක් මෙහෙයුම් වල දී මිය ගොස් තිබේ.
කැරලි කරුවන් විසින් පැහැර ගනු ලැබූ සමහරක් දරුවන්ට අවි පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ මනස විකෘති කර ඇති බවට වාර්තා වන අතර එම දරුවන් විසින් තමන්ව බේරා ගැනීමට පැමිණි සොල්දාදුවන්ට වෙඩි තැබීමට පටන් ගෙන ඇත.
මින් වසරකට පමණ පෙර චිබොක් නගරයේදී බෝකෝ හරාම් කැරලි කරුවන් විසින් පැහැර ගත් පාසල් සිසුවියන්ද එම බේරා ගත් කණ්ඩායමේ සිටින බවයි වාර්තා වන්නේ.




