නයිජීරියානු දැරියන් පැහැර ගෙන ගොස් වසරයි

ඉස්ලාමීය ‘බොකෝ හරාම්’ සටන්කරුවන් විසින් දෙසීයකට වැඩි නයිජීරියානු පාසල් දැරියන් පැහැර ගනු ලැබ වසරක් ගත වීම ලොව පුරා අනුස්මරණය කෙරෙයි.
පැහැර ගැනීමට ලක් වූ දැරියන් නැවත දෙමව්පියන් වෙත රැගෙන ඒම සඳහා සිය උපරිම බලය යොදන බව නයිජීරියානු නව ජනාධිපති මුහම්මාදු බුහාරි පවසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
නමුත් ඒ අතර සිටින ඇතැම් දැරියන් කිසිදා හමු නොවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
පාසල් දැරියන් පැහැර ගෙන ගොස් වසරක් ගත වීම අනුස්මරණය කිරීම පිණිස ආබුජා අගනුවර සංවිධානය කර ඇති රැළියට සහභාගී වීම සඳහා ජනතාව එක් රැස් වෙමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දෙසීයකට අධික පාසල් දැරියන් අනුස්මරණය කිරීම සඳහා නයිජීරියාවේ සෙසු නගර තුළ සහ ලොවපුරා නොයෙකුත් ස්ථානවල අනුස්මරණ උත්සව පැවැත්වේ.




