දූෂණ චෝදනාවෙන් පසු 'ඌබර්' කුලී රථ සේවය තහනම් කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට කුලී රථ රියදුරෙකුට චෝදනා එල්ල වීමත් සමග ‘ඌබර්’ නමැති කුලී රථ සේවය තහනම් කිරීමට දිල්ලි අගනුවර බලධාරීහු පියවර ගනිති.
ඉහත කී තරුණිය සිකුරාදා රාත්‍රියේ අවන්හලක සිට තම නිවසට යෑම සඳහා ජංගම දුරකතනය භාවිතා කොට අන්තර්ජාලය මාර්ගයෙන් කුලී රථයක් වෙන් කරවා ගෙන තිබේ.
ගමනාන්තය දක්වා ඇය රැගෙන යාමෙන් පසු දූෂණයට ලක් වී ඇති බවයි පැවසෙන්නේ.
ඉන් පසු රියදුරා අත්අඩංගුවට පත් වී තිබේ.
‘ඌබර්’ කුලී රථ සේවය සඳහා ඉන්දියාව තුළ සාපේක්ෂව වැඩි ගාස්තුවක් අය කෙරෙන අතර එය තරුණ වෘත්තිකයන් අතර ජනප්‍රිය කුලී රථ සේවයක් ලෙස සැලකේ.
එක්සත් ජනපදයේ සකසන ලද ‘ඌබර්’ නමැති ජංගම දුරකථන මෘදුකාංගය භාවිතා කොට කුලී රථ වෙන් කරවා ගත හැකි අතර මේ වන විට ‘ඌබර්’ ජංගම දුරකථන මෘදුකාංගය ලොව පුරා ඇති නගරවලදී භාවිතා කිරීමටද හැකියාව තිබේ.




