කොට ගවුමට කණේ පහරක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මුම්බායි නගරයේ රූපවාහිනී වැඩසටහනක් රූගත කරමින් තිබියදී ඊට සහභාගී වූ බොලිවුඩ් නිළියක් වෙත පැමිණි ප්‍රේක්ෂකයකු ඇයට කම්මුල් පහරක් එල්ල කරයි.
වේදිකාව මතට පැමිණ ඇති විසි හතර හැවිරිදි තරුණයකු පහරදීම සිදු කර ඇතැයි පොලිසිය පැවසුවේය.
මුස්ලිම් කාන්තාවක් දෙපා නිරාවරණය වන සේ කොට ඇදුමකින් සැරසී නොසිටිය යුතු බව පහරදීම සිදු කළ තරුණයා නිළි ගව්හාර් ඛාන්ට පවසා ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
එහි සිටි ආරක්ෂක නිලධාරීහු පහරදීම සිදු කළ තරුණයා පොලිසිය වෙත භාර දීමට කටයුතු කළහ.




