අභ්‍යවකාශ චාරිකා සිහිනය අත් හරින්නේ නැහැ - බ්‍රන්සන්

ඡායාරූප මූලාශ්‍රය, AP
තම සමාගම අත්හදා බැලීම පිණිස ගුවන් ගත කළ එක් යානයක් විනාශ වී ගිය ද අභ්‍යවකාශ සංචාරය පිළිබඳව තම අභිප්‍රාය මුදුන්පමුණුවා ගැනීමට දිගටම කටයුතු කරණ බව වර්ජින් සමාගමේ ප්‍රධානී රිචර්ඩ් බ්‍රන්සන් ප්‍රකාශ කළේය.
සිදු වූ අනතුරින් ගුවන් නියමුවකු මියගොස් තවත් අයෙකුට බරපතල තුවාල සිදුවී තිබේ.
මේ පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ වලට “වර්ජින් ගැලක්ටික්” සමාගම පුර්ණ සහයෝගය ලබා දෙන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
අනතුර සිදුවූ මොජාවී කාන්තාරයේ විසිරී ඇති යානයේ සුන් බුන් වලට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
යානයේ ඇතැම් කොටස් තව දුරටත් පුපුරා යාමේ අවදානමක් පවතින බව පැවසෙන අතර මෙම අත් හදා බැලීම නිරීක්ෂණය කරමින් සිටි අභ්‍යවකාශ තොරතුරු ගවේෂක ඩොග් මෙසියෙර් Doug Messier පැවසුවේ මියගිය නියමුවා ඔවුන් එහි යන විටත් තම ආසන පටියෙන් වෙලී සිටි බවයි.
“එන්ජිම ගිණි ගත්ත. තත්පර තිහකටත් අඩු කාලයක් එහෙම ගිනි අරන් සුදු පාට දුමාරයක් පිටකරල යානය පිපිරිලා ගියා. අපි හරියටම දැනගෙන හිටියෙ නැහැ ඇයි යානය පිපිරුවේ කියල. එන්ජිමේ දෝෂයක් හරි යානයේ බඳ කොටසේ දුර්වලතාවක් හරි වෙන්න පුළුවන්. කොහොම වුනත් යානය පුපුරලා කාන්තාරය පුරා කැබලි විසිරිලා ගියා” යනුවෙන් ඔහු පැවසීය.
අභ්‍යවකාශ චාරිකා කාල සටහනට මේ සිදුවීමෙන් බලපෑමක් විය හැකි බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.




