හිම කුණාටුවකින් දරුණු ජීවිත විනාශයක්

ඡායාරූප මූලාශ්‍රය, nepalarmy.mil.np
'අන්නපුරම්' කලාපයේ ඇති වූ ඉතා දරුණු හිම කුණාටු සහ හිම කඳු කඩා වැටීම් වලට ගොදුරු වූ එක සිය හතළිහකට අධික පිරිසක් බේරා ගත් බව නේපාල නිලධාරීන් පවසයි.
ඔවුන්ගෙන් වැඩි දෙනා නේපාල ජාතිකයන් සහ විදේශීය කඳු නගින්නන්.
ඔවුන්ගෙන් ඇතැමෙක් 'ජොම්සොම්' (Jomsom) කඳුකර නගරයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුන් දෙනකුගේ තත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, nepalarmy.mil.np
අනතුරට ලක් වූවන් ඉවත් කර ගැනීමේ හෙලිකොප්ටර් මෙහෙයුම් වලට තද කුණාටු සහිත අයහපත් කාල ගුණය බාධාවක් වී තිබේ.
තවත් හැත්තෑ දෙනකු පමණ අතුරුදහන් වී ඇති අතර ඔවුන් අනතුරට පත් වී ඇත්ද යන්න තහවුරු කිරීමට පවා හැකියාවක් නොමැති බවයි පැවසෙන්නේ.
යුද හමුදාව විසින් ගලවා ගනු ලැබුණ කඳු නැගීමේ මාර්ගෝපදේශක නේපාල ජාතිකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ඇතැම් කඳු නගින්නන් හිම කුහර තුලට ඇද වැටෙනු තමා දුටු නමුත් ඔවුන් ගොඩ ගැනීමට නොහැකි වූ බවයි.




