නේපාලයේ නාය යාමකින් සිය ගණනක් මරුට

පසුගිය වතාවේ පිටාර ගැලුවේ සංකොෂි ගංගාවයි

ඡායාරූප මූලාශ්‍රය, Kapil Dhital

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වතාවේ පිටාර ගැලුවේ සංකොෂි ගංගාවයි

ගංවතුර හා නාය යාම හේතුවෙන් සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව නේපාල ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එසේම මේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දහස් ගණනක් පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර සියයකට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.

රජයේ හදිසි ආපදා සේවා මධ්‍යස්ථානය පැවසුවේ ඉරිදා කාලගුණික තත්වය යහපත් වූ බැවින් විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස හෙලිකොප්ටර යානා හතරක් සහ සහන සේවකයන් දෙදහසක් යෙදවූ බවයි.

විනාශයට පත් ප්‍රදේශ වල ගංවතුරට කොටු වී සිටින පිරිස් ඉවත් කිරීම සහ බෝට්ටු මගින් සහනාධාර සැපයීම මෙම සහන සේවකයන් විසින් සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය හේතුවෙන් ලෙඩ රෝග පැතිරීමේ අවදානමක් පවතින බවයි.