ඉන්දියාවේ නාය යාමෙන් විසි තුන් දෙනෙකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඊයේ, බදාදා ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව විසිතුන දක්වා ඉහළ ගොස් තිබේ.
ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය රාත්‍රිය පුරා නාය යාමට හසුව සිටින පුද්ගලයින් බේරා ගැනීමට මෙහෙයුම් දියත් කර ඇත.
මහාරාෂ්ට ප්‍රාන්ත අගමැති මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නිවාස හතලිස් හතරක් නාය යාමට ගොදුරුව ඇති අතර විශ්වාස කරන අන්දමට පුද්ගලයන් එකසිය හැටකට අදික ප්‍රමාණයක් සුන්බුන් අතර සිරව සිටින බවයි.
වාර්තාවල සඳහන් නොවන නමුත් පස් සහ සුන්බුන් අතර සිර වී ඇති බවට සැක කරන පුද්ගලයන් එකසිය පනහක් පමණ සෙවීමට ගත් උත්සාහයට දිගින් දිගටම කඩා හැළෙන වර්ෂාවෙන් බාධා එල්ල වෙමින් ඇත.
ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ බලකායේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා අඩාළ වූ ගලවා ගැනීමේ මෙහෙයුම් අද, බ්‍රහස්පතින්දා උදෑසන සිට නැවත අරඹා ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
මේ අතර පුද්ගලයන් අට දෙනෙකුගේ ජීවිත බේරා ගෙන ඇති බවත් වාර්තා වේ.
මින්පෙර කඩා හැලුණු ධාරානිපාත මෝසම් වැස්ස හේතුවෙන් ඉන්දියාවේ පූනේ දිස්ත්‍රික්කයේ 'මාලින්' නම් ගම්මානයද නාය යාමකට හසු ව පස් කන්දකට යට විය.
එම ප්‍රදේශයේ දිගින් දිගටම සිදු වන වනාන්තර විනාශයේ ප්‍රතිවිපාකයක් ලෙස නාය යාම් වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩි වී ඇත.








