ඇසෑමයේ ගංවතුරින් එකොළහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, PTI
ඇසෑම් ප්‍රාන්තයේ ඇද හැලුන ධාරානිපාත මෝසම් වැස්ස නිසා ඇති වූ ගංවතුරින් අඩුතරමින් එකොලොස් දෙනකුවත් මරණයට පත් වූ බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඇසෑමයේ ‘ගුවාහති’ අගනුවර බොහෝ කලාප ගංවතුරින් යට වූ අතර නගර වැසියන්ට ඉනක් පමණ වතුරේ ඇවිද ගෙන යාමට සිදු වුන බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.
ඇතැම් මරණවලට හේතුව නිවාස කඩා වැටීම සහ විදුලි බලය වැදීමයි.
බ්‍රහ්මපුත්‍ර සහ වෙනත් ගංගාවන්හි ජල මට්ටම සැලකිය යුතු පරිමාණයෙන් ඉහල ගොස් ඇති අතර ඇසෑමයේ වෙනත් ප්‍රදේශත් ගංවතුර උවදුරට මුහුණ පා ඇති බවයි වාර්තාවන්නේ.




