ඇඟලුම් කර්මාන්ත ශාලාවල 'ආරක්ෂාව නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, AFP
සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ පිළිගත් ක්‍රමවේද සම්බන්ධයෙන් බංගලාදේශ ඇඟලුම් කර්මාන්ත ශාලා දහසකට වැඩි ප්‍රමාණයක ගැටළු පවතින බව අනාවරණය වේ.
ප්‍රසිද්ධ බටහිර ඇඟලුම් වෙළඳ නාම හිමි ආයතනවල නියෝජිතයෝ කණ්ඩායමක් ඉහත කී කර්මාන්ත ශාලාවල ආරක්ෂාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පිළිගත් ප්‍රමිතියකින් තොරව ඉදි කළ ගොඩනැගිලි තුළ වූ හදිසි ගින්නකදී අනුගමනය කළ යුතු ආරක්‍ෂිත ක්‍රම දුර්වල මට්ටමක පැවතීමද අනාවරණය කර ගත් ගැටළු අතරට එක් වේ.
පරීක්ෂණ මෙහෙය වූ බටහිර ඇඟලුම් වෙළඳ නාම දෙසීයක නියෝජිතයෝ කියා සිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් සමග එක් වී ගැටළු විසඳීමට ක්‍රියා කරමින් සිටින බවයි.
පසුගිය වසරේ බංග්ලාදේශයේ ‘රානා ප්ලාසා’ නමැති කර්මාන්තශාලාවේ ඇති වූ ගින්නකින් දහසකට වැඩි සංඛ්‍යාවක් මිය ගියහ.
බංග්ලාදේශ වැඩ භූමි තුළ කර්මාන්ත ශාලා සේවකයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ඇති විධිවිධාන වර්ධනය කිරීමට ඇඟලුම් ආයතන ගිවිස ගත්තේ ඉන් අනතුරුවයි.




