ගිනිගත් කම්හලේ අයිතිකරුවෝ භාරවෙති

ඡායාරූප මූලාශ්‍රය, focus bangla
මීට වසරකට පෙර සියයකට අධික පිරිසක් මරණයට පත් කරමින් ගින්නෙන් විනාශ වූ, බංග්ලාදේශ ඇඟලුම් කම්හලේ අයිතිකරුවන් දෙදෙනා අධිකරණයට භාර වූහ.
කම්හලේ අයිතිකරුවන් වන දිල්වාර් හුසේන් සහ ඔහුගේ බිරිඳට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔවුන් බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ගින්නෙන් දැවී ගිය ඉහත කී ඇඟලුම් කම්හල මහල් නවයකින් සමන්විත වූ නමුත් එම ගොඩනැගිල්ලට හදිසි දොරටුවක් තිබී නැත.
ඩකා අගනුවර පිහිටි මෙම කම්හලේ නිමැවුණු ඇඟලුම් එක්සත් ජනපදයේ වෝල්මාට් ඇතුළු ජාත්‍යන්තර සමාගම් වලට සැපයෙමින් තිබුණි.




