බංග්ලාදේශ් ඇඟලුම් සේවකයන්ට වන්දි අරමුදලක්

වන්දි ගෙවීම සඳහා ඩොලර් දශ ලක්ෂ ගණනක අරමුදලක්
ඡායාරූප ශීර්ෂ වැකිය, වන්දි ගෙවීම සඳහා ඩොලර් දශ ලක්ෂ ගණනක අරමුදලක්

පසුගිය අප්‍රියෙල් මාසයේ බංගලාදේශයේ ඇඟලුම් කම්හලක් කඩා වැටීමෙන් අනතුරට පත් වූ සේවක සේවිකාවන්ට වන්දි ගෙවීම සඳහා ඩොලර් දශ ලක්ෂ ගණනක අරමුදලක් පිහිටුවීමට යයි.

නිමි ඇඳුම් නිෂ්පාදනයේ සහ වෙළඳාමේ යෙදෙන ලොව ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක් ඊට එකඟ වී සිටිති.

අනතුරට පත් අයට වන්දි ගෙවීමට ඩොලර් මිලියන හතළිහක් පමණ අවශ්‍ය වන බවයි අන්තර්ජාතික කම්කරු සංවිධානයේ බලධාරියෙකු කියා සිටියේ.

ඉහත කී අරමුදලට එක් වෙළඳ ආයතනයක් ලබා දෙන මුදල නිශ්චිතව සඳහන් කර නැති නමුත් මෙය තීරණාත්මක පියවරක් ලෙසින් වෘත්තීය සමිති නියෝජිතයෝ හඳුන්වා දෙති.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි රානා ප්ලාසා ඇඟලුම් කම්හල කඩා වැටීම නිසා සේවක සේවිකාවෝ දහසකට අධික පිරිසක් මරණයට පත් වුහ.