වංග ඇඟලුම් කම්කරු අයිතිය වෙනුවෙන් යෝජනා

කම්කරු අයිතිවාසිකම් කෙලෙසන සමාගම් වලට සම්බාධක පැනවිය යුතු බව ජගත් මානව හිමිකම් සංවිධානයක් බංග්ලාදේශ රජයටත් කම්හල් හිමියන්ට හා අපනයන කරුවන්ටත් යෝජනා කොට තිබේ.
වෘත්තීය සමිති ලෙසින් සංවිධානය වීමට වීරිය කරන කම්කරු නායකයන් බිය වද්දමින් අඩන්තේට්ටම් කරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය බංග්ලාදේශ ඇගලුම් කම්හල් පාලකයන් ට චෝදනා කරයි.
1100 කට වැඩි ඇඟලුම් කම්කරුවන් ට මරු කැඳවමින් අගනුවර බද <link type="page"><caption> රානා ප්ලාසා ගොඩනැගිල්ල</caption><url href="http://www.bbc.co.uk/sinhala/world/2013/05/130501_bdesh_may.shtml" platform="highweb"/></link> 2013 දී කඩා වැටීමෙන් පසු නැගුණු විවේචන වලින් අනතුරුවයි බංග්ලාදේශ් රජය කම්කරු නීති සංශෝධනය කළේ.
එහෙත් හාම්පුතුන්ගේ අඩන්තේට්ටම් සහ බිය වැද්දීම් නිසා එය දුෂ්කර කාරියක් වී තිබෙන බවයි, <link type="page"><caption> හියුමන් රයිට්ස් වොච්</caption><url href="http://www.hrw.org/news/2014/02/06/bangladesh-protect-garment-workers-rights" platform="highweb"/></link> (HRW) සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි බීබීසී සංදේශයට කියා සිටියේ.
සමිති නායකයන් ප්‍රහාරයට ලක් කරන කම්හල් හිමියන් ට නීතියෙන් දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින හියුමන් රයිට්ස් වොච් සංවිධානය, බංග්ලාදේශ සැපයුම් කරුවන් කම්කරු නීති ගරු කරන බව සහතික කොට ගත යුතු බව ට විදේශීය ගැනුම් කරුවන් ගෙන් ඉල්ලා ඇත.
ඩකා අගනුවර හා ඒ අවට කම්හල් 21 ක කම්කරුවන් 47 දෙනකු තම සමීක්ෂණයට සහභාගී කර ගැනුණු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පළමු වතාවට
දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා මීනක්ෂි ගංගුලි බීබීසී සංදේශයට කියා සිටියේ බංග්ලාදේශය තුල මෙවැනි සමීක්ෂණයක් කිරීමට අවස්ථාව සැලසුනේ පළමු වතාවට බවයි.
මාතෘ නිවාඩු, කෑම පැයක් වැනි ඉතා අවම ඉල්ලීම් දිනා ගැනීම සඳහා හෝ සංවිධාන ගොඩ නැගීමට කම්හල් හිමියන් ඉඩ නොදෙන බවයි ඇය පවසන්නේ.
“මොකද එතකොට පුද්ගලයන් සංවිධිතයි. අනික හැම දේම සාකච්ඡාවෙන් විසඳා ගන්නේ. එතකොට සේවා තත්වය දියුණු වෙනවා. එතකොටයි නිෂ්පාදන පලදායි තාව වැඩි වෙන්නේ”
ඩකා අගනුවර බද කර්මාන්ත ශාලාවක වැඩෙහි යෙදෙන එක්දහස් පන්සියයක් කම්කරුවන් ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වීමේ අයිතියට රජයේ ආයතන පවා හරස් වූ බවයි, වෘත්තීය සමිතියක් සංවිධානය කිරීමට මුල පිරීම නිසා සේවයෙන් පහ කරන ලද එක් ඇඟලුම් කම්හල් සේවකයෙක් නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් පැවසුවේ.
'වැඩ නො කර පඩි ගැනීම'
වෘත්තීය සමිති බිඳ දැමීමට කම්හල් පාලකයන් පියවර ගන්නා බවට හියුමන් රයිට්ස් වොච් නගන චෝදනා බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් පාලකයෝ ප්‍රතික්ෂේප කරති.
බංග්ලාදේශ් ඇඟලුම් නිෂ්පාදකයන්ගේ හා නිර්යාත කරුවන්ගේ සංගමයේ උප සභාපති ෂහිදුල්ලා අසීම් පවසන්නේ වෘත්තීය සමිති පවත්වා ගෙන යාමට තමන් ගේ කිසි දු විරෝධයක් නැති බවයි.
වෘත්තීය සමිති පිහිටුවන්නේ ‘වැඩ නො කර පඩි ගැනීම’ සඳහා යයි සිතුවිල්ලක් ඇතැ’යි චෝදනා කළ ඔහු එය තුරන් කොට පලදායී වීමට කම්කරු සංවිධාන පියවර ගත යුතු බව ප්‍රකාශ කළේය.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




