නොබෙල් සාම ත්‍යාගය ළමා ක්‍රියාධරයන්ට

ඡායාරූප මූලාශ්‍රය, afp
ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනකුට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කොට තිබේ.
දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) මේ දෙදෙනායි.
සාම ත්‍යාගය ප්‍රදානය කරමින්, නොබෙල් කමිටුව ප්‍රකාශ කලේ පාකිස්තානයේ මුස්ලිම් ජාතිකයකු සහ ඉන්දියාවේ හින්දු භක්තිකයකු , අධ්‍යාපනය සහ අන්තවාදයට එරෙහිව පොදු අරගලයක යෙදීම වැදගත් කොට සලකන බවයි.
කයිලාස් සත්යයාර්ති බීබීසියට පැවසුවේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ලබා දීමත් ළමා ශ්‍රම සූරාකෑමට එරෙහිව නැගී සිටීමත් එකට අත්වැල් බැඳ ගත් මූලධර්මයන් බවයි.




