බැසිල් ප්‍රනාන්දු විකල්ප නොබෙල් සම්මානයෙන් පිදේ

'මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්‍රයේ පවත්නා විෂමතාවයන් නිසා'

ඡායාරූප මූලාශ්‍රය, Basil Fernando

ඡායාරූප ශීර්ෂ වැකිය, 'මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්‍රයේ පවත්නා විෂමතාවයන් නිසා'

ස්වීඩනයේ Right Livelihood සම්මාන පදනම විසින් පිරිනමන <link type="page"><caption> විකල්ප නොබෙල් සම්මානය</caption><url href="http://www.rightlivelihood.org/" platform="highweb"/></link> ලෙස හැඳින්වෙන සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකිකයකුටත් හිමි වී තිබේ.

ආසියාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම් වස් කරන ලද මෙහෙය වෙනුවෙන් ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දුට එම සම්මානය පිරිනමන බව සංවිධායකයෝ පවසති.

ඇමරිකානු ජාතික ආරක්ෂක ආයතනයේ රහස් ඔත්තු කටයුතු හෙලිකිරීම හේතුවෙන් රටින් පිටුවහල් වීමට සිදුවූ එඩ්වඩ් ස්නෝඩන්, පාකිස්තාන ජාතික මානව හිමිකම් ක්‍රියාධාරිනිය සහ නීතිවේදිනී අස්මා ජහන්ගිර්, ලන්ඩනයේ ගාඩියන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ <link type="page"><caption> ඇලන් රස්බ්‍රිජර්</caption><url href="http://www.theguardian.com/world/2014/sep/24/edward-snowden-alan-rusbridger-right-livelihood-award" platform="highweb"/></link> සහ ඇමෙරිකානු ජාතික පරිසරවේදියකු සහ ගත්කතුවරයකු වන බිල් මැකිබන් මේ වසරේ සම්මානයෙන් පිදුම් ලබන අනෙක් පිරිසයි.

"මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඇති වැදගත්කම මේ සම්මානය හිමිවීම මගින් විදහා දක්වන," බවයි බැසිල් ප්‍රනාන්දු සම්මානය හිමිවීම පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.

"අපේ විශේෂත්වය වුනේ මානව හිමිකම් කඩවීම් සිද්ද වෙන්නේ රටේ දේශපාලන සහ නීතිමය ක්ෂේත්‍රයේ පවත්නා විෂමතාවයන් නිසා බව පෙන්වා දීමයි."

1980 දී ආරම්භ කරන ලද Right Livelihood වාර්ෂික සම්මානයේ අරමුණ 'වර්තමානයේ ලෝකය මුහුණ දෙමින් සිටින හදිසි අභියෝගයන්ට ප්‍රායෝගික පිළිතුරු ලබාදෙන පුද්ගලයන්' පිදීම බවයි, සම්මාන පදනම පවසන්නේ.

මේ වසරේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන දෙසැම්බර් දෙවැනිදා ස්වීඩන පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.