ස්කොට්ලන්ත මහ ඇමති ගෙදර යාමට තීන්දු කරයි

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
ඊයේ (බ්‍රහස්පතින්දා) පැවති ජනමත විචාරනයේදී ඔහුගේ ප්‍රයත්නය පරාජයට පත් විය.
ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු බව, ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 45% ක් අනුමත කොට තිබුණත් 55% කට ආසන්න ඡන්දදායකයන් එය ප්‍රතික්ෂේප කොට තිබුණි.
ස්කොට්ලන්තවාසීන්ගෙන් 85% ක් ජනමත විචාරණයේදී සිය ඡන්දය භාවිත කොට තිබූ අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකි.
'අනවශ්‍ය බෙදීමකට' වඩා එක්සත්ව සිටිමින් සාධනීය සංශෝධන සිදු කළ යුතු බව ඡන්දදායකයන් තීරණය කොට ඇතැයි වෙන්වීමට එරෙහි ව්‍යාපාරයේ ප්‍රධානියා වූ අමාත්‍ය ඇලිස්ටර් ඩාලින් ප්‍රතිඵලය පිළිබඳව සිය ප්‍රතිචාරය පළ කරමින් කියා සිටියේ.
බලය විමධ්‍යගත කිරීම

ඡායාරූප මූලාශ්‍රය,
අනාගතයේදී ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතු බව ඡන්දදායකයන් විශාල පිරිසක් විශ්වාස කරන බව නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය මෙහෙය වූ ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මන්ඩ් කියා සිටියේය.
එහෙත් ස්කොට්ලන්තයට නිදහස ලබාදීම පිළිබඳ විවාදය ඉදිරි පරම්පරා ගණනාවකට මතු වනු නැති බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසීය.
ජනමත විචාරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන පොරොන්දු වූ ප්‍රකාර ස්කොට්ලන්තයට පමණක් නොව, එංගලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තයටද තවදුරටත් බලය විමධ්‍යගත කරන බවට අගමැති කැමරන් ප්‍රතිඥා දුන්නේය.
එමෙන්ම සිය රටට අදාළ නොවන කටයුතු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට අවසර නොලැබෙන බවද අගමැතිවරයා පැවසීය.
![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)







