ව්‍යාපාරික ලෝකයෙන් ස්කොට්ලන්තයට අභියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්විය යුතු ද නැත් ද යන්න පිලිබඳ ජනතා කැමැත්ත විමසීම පිණිස පැවැත්වෙන ජනමත විචාරණයේ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන අවසන් සතියේ දී වෙළඳ ව්‍යාපාරයන්ගේ අනාගතය පිලිබඳ උණුසුම් වාද විවාද කෙරෙමින් පවතී.
එලෙස ස්කොට්ලන්තය වෙන් විය යුතුය යන තීරණය ජයගතහොත් එය 1930 දී සිදුවූ ආකාරයේ ආර්ථික අවපාතයකට හේතුවන ආකාරයේ අත් වැරදීමක් වනු ඇති බවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකුවක් වන ඩොයිෂ් බැංකුව (Deutsche Bank) අනාවැකි පළකොට තිබේ.
ස්වාධීන ස්කොට්ලන්තයක් වෙනුවෙන් සහය දක්වන ප්‍රබල දේශපාලන චරිතයක් වන ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ජිම් සිලර්ස් බැංකු වලට අනතුරු අඟවා තිබුණේ බ්‍රහස්පතින්දා ජනමතය වෙන්වීම ට පක්ෂව ප්‍රකාශ වුවහොත් තීරණයක් ගතයුතු දිනයක් බැංකු වලටත් එළැඹිය හැකි බවටයි.
වෙන්වීමට පක්ෂව ජනතා තීරණයක් ලද හොත් ස්කොට්ලන්තයේ ඇති තම කාර්යාල ලන්ඩනයට ගෙන යන බව ඇතැම් විශාල මුල්‍ය ආයතන මීට ඉහත දී සනාථ කොට තිබුණි.




