ස්කොට්ලන්ත ජනමත විචාරණය ආරම්භ වෙයි

ඡායාරූප මූලාශ්‍රය, PA

ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ රැදී සිටිය යුතුද නැත්නම් ස්වාධීන රටක් බවට පත්විය යුතුද යන්න තීරණය කිරීමට ස්කොට්ලන්ත වැසියෝ චන්දය ප්‍රකාශ කිරීම අරඹති.

තම ඡන්දය ප්‍රකාශ කරමින් ස්කොට්ලන්තය නිදහස් රටක් බවට පත් විය යුතුද? යන ප්‍රශ්නයට ‘’ඔව්’’ හෝ ‘’නැත’’ යනුවෙන් ඡන්දදායකයෝ පිළිතුරු දිය යුතුව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES

ජනමත විචාරණය වෙනුවෙන් ස්කොට්ලන්ත වැසියන් හතළිස් දෙලක්ෂ අසු පන්දහස් තුන්සිය විසිතුනක් ඡන්ද දායකයන් ලෙසින් ලියාපදිංචි වී තිබේ.

අද බ්‍රහස්පතින්දා රාත්‍රි දහය වන තෙක් ඡන්ද මධ්‍යස්ථාන දෙදහස් හයසිය අටක ස්කොට්ලන්තය පුරා පැවැත්වෙන ජනමත විචාරණයේ ප්‍රතිඵල හෙට සිකුරාදා උදය වරුවේ බලාපොරොත්තුවේ.

ඡන්දය ගණන් කිරීම මධ්‍යස්ථාන තිස් දෙකක දී සිදු වීමට නියමිත අතර ප්‍රකාශයට පත් තැපැල් ඡන්ද හත් ලක්ෂ අසු නවදහසක් ගණන් කිරීමටද නියමිතයි.