මරණ දඬුවම් සම්බන්ධයෙන් විශාල වෙනසක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
මරණ දඬුවම් නැවත සලකා බැලීමේදී අනුගමනය කෙරෙන ක්‍රියා පටිපාටියේ විශාල වෙනසක් සිදු කර ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරයි.
සිදු වූ වෙනසත් සමග මරණ දඬුවම් සම්බන්ධයෙන් වඩාත් සාධාරණ හා විනිවිදභාවයකින් යුත් තීන්දු ලබා දිය හැකි වනු ඇති බව ක්‍රියාධරයෝ පවසති.
මීට පෙරදී මරණ දණ්ඩනයට එරෙහිව ගොනු කෙරෙන පෙත්සම් විභාග කරන ලද්දේ මහජනයාට විවෘත නොවූ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් යුත් අධිකරණයක් විසිනි.
එම විනිසුරුවරුන් දෙදෙනා ඉදිරියේ ලිඛිත සාක්ෂි පමණක් ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි විය.
නමුත් නව වෙනසත් සමග විවෘත අධිකරණයක් තුළ විනිසුරුවරුන් තිදෙනකු ඉදිරියේ සාක්ෂි ඇසීම සිදු වන අතර නීතිඥයන්ට තර්ක කිරීමටද අවස්ථාව හිමි වේ.
ඉන්දීය අධිකරණය ගත වූ දශකය තුළදී සිය ගණනක් වරදකරුවන්ට මරණ දඬුවම් ලබා දී ඇති නමුත් එම නියෝග ක්‍රියාත්මක වූ අවස්ථා විරල විය.




