ඇමරිකාවේ සහාය ඇතිව ඉස්ලාමීය සටන්කරුවන්ට ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉස්ලාමීය සටන්කරුවන් අත පවතින මෝසුල් වේල්ල දෙසට සටන් මෙහෙයවන කුර්දි හමුදා සාර්ථකව ඉදිරියට ඇදෙන බව ඉරාක කුර්දිස්ථානයේ ආරංචි මාර්ග බීබීසීයට පැවසුවේය.
මෝසුල් වේල්ල, යුදමය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.
ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවල සහාය ඇතිව කුර්දි හමුදා මෙහෙයුම් දියත් කරයි.
ඇමරිකානු හමුදාවට අයත් නියමුවන් රහිත යානා සහ ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් දිනක් පුරා එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුව කුර්දි සටන්කරුවෝ පහරදීම් ආරම්භ කළහ.
පෙන්ටගනය
ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් ප්‍රයෝජනයට ගත් රථ දාහතරක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි පෙන්ටගනය පවසන්නේ.
ඒ අතරට ඉරාක හමුදා අත තිබී ඉස්ලාමීය සටන්කරුවන් අතට පත් වූ ඇමරිකානු යුධ උපකරණද ඇතුළත්.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජලාශයට නැගෙනහිර දෙසින් ඉදිරියට එමින් ඒ අසල පිහිටි කුඩා කිතුනු ගම්මානයක බලය තහවුරු කර ගැනීමට කුර්දි හමුදා සමත් වූහ.
පසුගිය සතියේදී ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවෝ උතුරු දිග ඉරාකයට විදුලි බලය සපයන ටයිග්‍රීස් නදියේ පිහිටි බලාගාරවල පාලනය සියතට ගත්හ.








