පූතින් බටහිර ලෝකය අත් නොහරී

ඡායාරූප මූලාශ්‍රය, AP
රුසියාව සහ බටහිර රටවල් අතර සම්බන්ධතා වර්ධනය විය හැකි නමුත් එය රඳා පවතින්නේ බටහිර නායකයන් මත යයි ජනාධිපති ව්ලදිමීර් පුතින් කියා සිටියි.
දෙපාර්ශවය අතර සහයෝගීතාවය යළි සාමාන්‍ය අතට හැරිය හැකි බව රුසියානු නායකයාගේ පිළිගැනීමයි.
බටහිර රටවලින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ජනාධිපති පුතින් විසින් විස්තර කරනු ලැබ නැත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එහෙත් ඊයේ සිකුරාදා, ජනාධිපති පුතින්ගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, රුසියාවට එරෙහිව තර්ජනය කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කර තිබුණි.
බටහිර සම්බාධක
යුක්‍රේන් අර්බුදය මුල්කර ගනිමින් තම රටට එරෙහිව සම්බාධක පනවන බවට එක්සත් ජනපදය තර්ජනය කරන බවයි, රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා සඳහන් කළේ.
ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාව සම්බන්ධයෙන් ගනු ලබන පියවර සමාන කර තිබුණේ, ‘වැරැද්දක් කළ පාසල් ළමයකු’ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සමඟ.
ක්‍රිමියාව රුසියාවට එක් කිරීමේ ජනමත විමසුම සම්බන්ධයෙන් එල්ල කෙරෙන විවේචන ජනාධිපති පුතින් විසින් බැහැර කරන ලද බවත් වාර්තා වෙයි.
සති දෙකක පමණ කාලයක් ඇතුළත සැලසුම් කෙරුණ ක්‍රිමියානු ජනමත විමසුම අධීක්‍ෂණය කරන ලද්දේ රුසියාවට හිතවත් නිරීක්ෂකයන් කණ්ඩායමක් විසිනුයි.








