ක්‍රිමියාව ගැන ගත් ක්‍රියා මාර්ග සාධාරණයි - පූතින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ක්‍රිමියාව සම්බන්ධයෙන් රුසියාව ගත් ක්‍රියාමාර්ග සාධාරණීයකරණය කරමින් ජනාධිපති පූතින් දැඩි ප්‍රකාශයක් කොට තිබේ.

රුසියානු ක්‍රෙම්ලිනයේ, ශාන්ත ජෝර්ජ් ශාලාවේ දී රුසියානු ප්‍රභූවරුන් අමතමින් ඔහු කියා සිටියේ, එක් දහස් නවසිය පනස් හතරේ දී සහ නිරවි යුද්ධය අවසානයේ දී ක්‍රිමියාව යුක්රේන් දේශ සීමාව තුළට ඈදීම වරදක් බවයි.

එම කලාපය රුසියාවට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉකුත් ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වූ ජනමත විචාරණය ජාත්‍යන්තර නීතියට අනුකූල බවයි ජනාධිපති පූතින් අවධාරණය කළේ.

ජනතාව තලා පෙළා දැමූ ආණ්ඩු අර්බුදය හේතුවෙන් යුක්රේනයේ සිටින රුසියානුවන් හෙම්බත්ව සිටි බව ඔහු පැවසුවේය.

යුක්රේනයේ බෙදීමක් ඇති කිරීමට රුසියාවට අවශ්‍ය නැති බවයි ජනාධිපති පූතින් ප්‍රකාශ කළේ.

ක්‍රිමියාවට සිදු වූ දෑ අනිත් කලාපවලටත් සිදු වෙතැයි කෙරෙන ප්‍රකාශයන් විශ්වාශ නොකරන ලෙසට ජනාධිපති පූතින් පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය.