තවත් යුක්‍රේන් පොලිසියක් සන්නද්ධ කණ්ඩායම් අතට

ඡායාරූප මූලාශ්‍රය, AP
යුද හමුදා ඇඳුමින් සැරසුන හඳුනා නොගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් , යුක්‍රේනයේ, ‘ස්ලවියාන්ස්ක්’ නගරයේ නැගෙනහිර කලාපයේ පිහිටි පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අල්ලා ගන්නා ලද බවක් වාර්තා වෙයි.
එම කලාපයේ පොලිස් ප්‍රකාශක ඉහර් දියෝමින් පවසන්නේ, දැඩි ලෙස සන්නද්ධව පැමිණි විස්සක පමණ කණ්ඩායමක් කඳුළු ගෑස් ගසමින් ගොඩනැගිල්ල අල්ලා ගත් බවයි.
මේ අතර ෆේස් බුක් වෙබ් අඩවිය මගින් පණිවුඩයක් යවන යුක්‍රේන් අගමැති ආර්සෙන් අෆ්කොෆ්, එම ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි කියා සිටින්නේ.
තුන් දහසක පා ගමන

ඡායාරූප මූලාශ්‍රය, Reuters
‘දනියෙෂ්'(Donetsk) නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිලි අල්ලා ගෙන සිටින රුසියාවට හිතවත් කණ්ඩායම් වල ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ, ‘ස්ලවියාන්ස්ක්’නගරයේ පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල අල්ලා ගන්නා ලද්දේ ප්‍රදේශවාසීන් විසින් වන බවයි.
‘දනියෙෂ්'(Donetsk) නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ගෙන එමින්,තුන් දහසකට අධික ජනතාව පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දෙසට පෙළපාලියෙන් ගමන් ගනිමින් සිටි බව සඳහන් කළේය.




