යුක්‍රේනයට රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

ඡායාරූප මූලාශ්‍රය, AP

යුදමය වශයෙන් සූදානම් වීමක් නොකරන ලෙස යුක්‍රේනයෙන් ඉල්ලා සිටින රුසියාව එය සිවිල් යුද්ධයකට මුල පිරෙනු ඇති බවට අනතුරු අඟවා සිටියි.

එහෙත් යුක්‍රේනය සිදු කරන එම යුදමය සූදානම කුමක් දැයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශනයක සඳහන් නොවේ.

රුසියාව එම අනතුරු ඇඟවීම කර ඇත්තේ යුක්රේනියානු බලධාරීන් විසින් නැගෙනහිර පළාතේ පිහිටි හාකිව් (Kharkiv) නගරයේ කලාපීය පරිපාලන ගොඩනැගිල්ලක දී ඊයේ රාත්‍රී ත්‍රස්ත විරෝධී කටයුතු වලට එරෙහිව මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුවයි.

එම මෙහෙයුමේ දී එම ගොඩනැගිල්ල අල්ලා ගෙන සිටි රුසියාවට හිතවත් බෙදුම්වාදීන් හැත්තෑ දෙනක් අත් අඩංගුවට ගනු ලැබූහ.

රුසියාවට හිතවාදී ක්‍රියාකාරීන් ඊයේ පැවසුවේ හාකිව් සහ දනියෙස්ක් යන නගර යුක්‍රේනයෙන් ස්වාධීනත්වය ලබා බවයි.

යුක්‍රේනයේ හදවත වන් කර්මාන්ත පුරයේ අස්ථාවරභාවය ඇති කරමින් බෙදුම්වාදී හැඟීම් ඇති කරන බවට නැගෙන චෝදනා රුසියාව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.